Print this page

මදුරුවන් බෝවිය හැකි ස්ථාන

ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරු වර්ග 2 ක වන  ඊඩිස් ඊජිප්ටයි හා ඊඩිස් ඇල්බොපික්ටස් මදුරුවන් විවිධ වර්ගයේ බඳුන් තුල බිත්තර දැමීම මගින් තම වර්ගයා බෝ කරන අතර එලෙස බෝවන ස්ථාන පහත සඳහන් පරිදි වර්ගීකරණය කල හැක

  1. ඉවතලන පහසුවෙන් දිරා නොයන ද්‍රව්‍ය
  2. ඉවතලන දිරායන ද්‍රව්‍ය
  3. වැහි ජලය රැඳිය හැකි ස්ථාන, අවහිර වූ වැහි පිහිලි සහ කොන්ක්‍රීට් වහල
  4. ආවරණය නොකරන ලද ජලය එක් රැස් කරන බඳුන් හා ටැංකි
  5. ජලය එක්රැස් විය හැකි ගෘහ අලංකරණය සඳහා යොදාගන්න විවිධ භාණ්ඩ හා විසිතුරු බඳුන්
  6. විශේෂ ගෘහ උපකරණ: ශීතකරණ හා වායු සමීකරණ තැටි
  7.  සතුන්ට බීමට වතුර තබා ඇති කුඩා බඳුන්, කුහුඹි උගුල්
  8. ශාක, ශාක කොටස් හා ගස්වල බෙන
  9. වෙනත් 

 

1.ඉවතලන පහසුවෙන් දිරා නොයන ද්‍රව්‍ය

ටයර්, පොලිතින් දවටන, ප්ලාස්ටික් බඳුන්, මැටි බඳුන්, රිජිෆෝම් පෙට්ටි, ඉවතලන බෝතල්, ටින්, සෙල්ලම් බඩු හා ඉවතලන අනෙකුත් ඝන අපද්‍රව්‍ය  විශාල ප්‍රමාණයේ (ටයර්, ඉවතලන උපකරණ හෝ අනෙකුත් උපාංග කොටස් ) සහ කුඩා ප්‍රමාණයේ බඳුන් (ඉවතලන සායම් ටින්)

 

 

2. ඉවතලන දිරායන ද්‍රව්‍ය

වතුර රැඳිය හැකි පොල්කටු, තැඹිලි කොම්බ, බෙලි, දිවුල් වැනි පලතුරුවල කටු  හා බිත්තර කටු

3.වැහි ජලය රැඳිය හැකි ස්ථාන, අවහිර වූ වැහි පිහිලි සහ කොන්ක්‍රීට් වහල

4.ආවරණය නොකරන ලද ජලය එක් රැස් කරන බඳුන් හා ටැංකි

5.ජලය එක්රැස් විය හැකි ගෘහ අලංකරණය සඳහා යොදාගන්න විවිධ භාණ්ඩ හා විසිතුරු බඳුන්

පක්ෂි නන තටාක, වතුර රැඳිය හැකි පිළිම, අත්හැර දැමු පොකුණු, මල් පෝච්චි, මල් බඳුන්, මල් බඳුන් යට ඇති තැටි, මාළු නොමැති ටැංකි   

6. විශේෂ ගෘහ උපකරණ

ශීතකරණ හා වායු සමීකරණ තැටි

7.සතුන්ට බීමට වතුර තබා ඇති කුඩා බඳුන්, කුහුඹි උගුල්

8. ශාක, ශාක කොටස් හා ගස්වල බෙන 

9. වෙනත් 

  • භාවිතා නොකරන වැසිකිලි වල වතුර රැඳිය හැකි ස්ථාන 
  • සිමෙන්තියෙන් බඳින ලද නොගැඹුරු ළිං
  • අත්හැර දමන ලද බෝට්ටු
  • වතුර කාන්දු වෙන සිමෙන්ති පොලව  
  • වතුර ෆිල්ටර වල ඇති තැටි
  • වැට වලට යොදා ඇති කණුවල අග කෙළවර
  • ගොඩනැගිලි ඉඳි කිරීම් සිදු කරන ස්ථාන
  • වෙනත් ඕනෑම වතුර රැඳිය හැකි ස්ථාන