Print this page

රෝගීන්ට උපදෙස්

උණ තිබේ නම්...

1.රෝගියාට විවේකය ලබා දෙන්න 

  • මහන්සිවෙන්න,බරවැඩ කරන්න ඉඩ තියන්න එපා 

2.දියර වර්ග බීමට දෙන්න 

  • කිරි,පලතුරු යුෂ, දොඩම් යුෂ, ජීවනී ,කැද, තැඹිලි ,සුප්  මේ සදහා සුදුසුය.
  • ජලය පමණක් බීමට දෙන්න එපා 
  • රතු හෝ දුඹුරු  පැහැති දියර වර්ග පානය කිරීමට නොදෙන්න 

      උදා- රතු පැහැ පැණි බීම,කෝපි 

  • සුපුරුදු ඝන අහාර ආහාරයට ගත හැකිනම් ලබා දෙන්න 
    • රතු හෝ දුඹුරු  පැහැති අහාර වර්ග කෑමට නොදෙන්න. උදා- චොකලට්  

3.රෝගියාට මුත්‍ර පිටවන වාර ගණන ගැන සැලකිලිමත් වන්න 

  • රෝගියාට මුත්‍ර පිටවන වාර ගණන අඩුනම් වහාම රෝහලකට රැගෙන යන්න  

4.උණ තිබේනම් 

  • සාමාන්‍ය වතුරෙන් ඇග තෙමන්න 
  • පැරසිටොමෝල්(Paracetamol)  නියමිත මාත්‍රාව පැය 6 කට වරක් ලබාදෙන්න

      (දරුවන් සදහා  නියමිත මාත්‍රාව බර අනුව ලබා දෙන්න /වැඩිහිටියන්ට  ග්‍රෑම් 1)

  • උණට ලබාදෙන අනෙකුත් බෙහෙත් වර්ග .(වීශේෂයෙන් තද උණට ලබා දෙන බෙහෙත්)   ලබා දෙන්න එපා

                    උදා-: Diclofinac/ Ibuprofen/Mefenamic Acid – Tablets / Syrups

5.උණ දින 2 කට වඩා තිබෙනම්

  • 3 වන දිනයේ රුධිර පරීක්ෂාවක් කරගන්න 

6.පහත  ලක්ෂණ ඇතිනම් වහාම රෝගියා රෝහලකට රැගෙන යන්න  

  • දියර පානය කිරීමට නොහැකි වීම  (නිතර   වමනය කිරීම)
  • ආහාරපාන ප්‍රතික්ෂේප කිරීම 
  • අධික පිපාසය 
  • රෝගියාට මුත්‍රා පිටවන වාර ගණන අඩුවීම( පැය 6 කට වඩා  වැඩි කලක් තුල මුත්‍රා පිටනොවීම) 
  • අධික  බඩේ කැක්කුම 
  • නිදිමත ගතිය 
  • හැසිරීමේ වෙනස්කම් ඇතිවීම 
  • රතු /කළු/දුබුරු පැහැයට  වමනය යාම 
  • කළු පැහැයට මලපහ පිටවීම 
  • රුධිර   වහනය ( විදුරුමසින් රුධිර   වහනය,මුත්‍රා රතු පැහැයට පිටවීම) 
  • කරකැවිල්ල 
  • සුදුමැලි වීම 
  • අතපය සීතල වීම