Health Ministry-Sri Lanka

පරමාර්ථය

ජාතික ඩෙංගු මර්දන ඒකකය

ජාතික ඩෙංගු මර්දන ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු රෝගය පාලනය කිරීම පිළිබඳ ව කටයුතු කරන ජාතික මට්ටමේ ආයතනයවේ. 2004 වසරේදී ඇතිවූ ඩෙංගු වසංගත තත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයකට අනුව 2005 වසරේදී එය ස්ථාපිත කරනු ලැබීය . ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රධාන වශයෙන් අනෙකුත් ජාතික මට්ටමෙ පාර්ශ්ව කරුවන් සමග සම්බන්ධීකරණය වීමෙන් ඩෙංගු වැලැක්වීම සඳහා දායක වේ.

අපගේ දැක්ම

ඩෙංගු රෝගය පාලනය කිරීම මගින් එම රෝගය ව්‍යාප්ත වීමෙන් සිදුවිය හැකි සෞඛ්‍ය , සමාජයීය හා ආර්ථික ගැටළු අවම කිරීම .

අපගේ මෙහෙවර

ඩෙංගු රෝග පාලනය කිරීම සඳහා ජාතික, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමෙන් වඩාත් යෝග්‍ය සැලසුම් සකස් කිරීම සඳහාත් වසංගත තත්වයන් කලින් හඳුනාගෙන ක්ෂණිකව ක්‍රියාත්මක වී රෝග ව්‍යාප්තිය සීමා කිරීම සඳහාත් අවශ්‍ය හැකියාව වර්ධනය කිරීම .

ඩෙංගු රෝගය තවදුරටත් ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටළුවක් නොවෙන පරිදි රෝග ව්‍යාප්තිය අවම කිරීම

ප්‍රධාන අරමුණ : 2015 වසර වන විට 2009 වසරේ වාර්තා වුන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සහ ඩෙංගු රෝගය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව සියයට 50කින් අඩු කිරීම

විශේෂිත අරමුණු

  • ඩෙංගු රෝග ව්‍යාප්තිය කඩිනමින් හඳුනාගෙන එම තත්වය පාලනය කිරීම සඳහා අදාල සෞඛ්‍ය අංශ වල සේවය කරන නිලධාරීන් බලගැන්වීම හා අවශ්‍ය යටි තල පහසුකම් සැපයීම
  • කාර්යක්ෂම ඒකාබද්ධ වාහක පාලනයක් සිදු කිරීමට හා පවත්වා ගෙන යාමට කටයුතු කිරීම
  • ඩෙංගු රෝගීන් ඉක්මනින් හඳුනාගෙන ඔවුන්ට නිසි ප්‍රතිකාර ලබා දීමට වෛද්‍ය කාර්ය මණ්ඩල සතු හැකියාව වර්ධනය කිරීම, ඒ සඳහා අවශ්‍ය රෝහල් පහසුකම් වැඩි දියුණු කිරීම හා ඩෙංගු රෝගය වැළදුන  අවස්ථාවන් හිදී  ඉක්මනින් ප්‍රතිකාර සඳහා යොමු වීමට ජනතාව පෙළඹවීම
  • සාර්ථක ඩෙංගු මර්දන ක්‍රියාවලියක් ප්‍රාදේශීය හා ග්‍රාමීය මට්ටමෙන් පවත්වාගෙන යාම සඳහා ජාතික මට්ටමෙන් අදාල පාර්ශ්වකරුවන් සමග සම්බන්ධීකරණය සිදු කිරීම
  • ඩෙංගු වසංගත තත්වයන් ඇතිවීමට පෙර අනුමාන කිරීම , ඉක්මනින් හඳුනාගෙන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම.

අපේක්ෂිත ප්‍රථිපල

  • රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් වීම 
  • රෝග වාහක මදුරුවන් ආවේක්ෂණය හා පාලනය ශක්තිමත් වීම
  • රසායනාගාර පහසුකම් ශක්තිමත් වීම 
  • ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් වීම 
  • ඩෙංගු රෝගය වැලැක්වීම හා පාලනය කිරීම විධිමත්ව හා අඛණ්ඩව පවත්වා ගෙන යාම සඳහා ප්‍රජාව සක්‍රිය වීම 
  • ඩෙංගු වසංගත තත්වයන් කඩිනමින් පාලනය කිරීමට ඇති හැකියාව වර්ධනය වීම 
  • අන්තර් පාර්ශවීය සම්බන්ධීකරණය ශක්තිමත් වීම
  • ජාතික, පළාත්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමෙන් ඩෙංගු රෝගය වැළක්වීමේ හා පාලනය කිරීමේ කටයුතු ශක්තිමත් වීම

අප සමග සම්බන්ධ වීමට

  • ජාතික ඩෙංගු මර්දන ඒකකය,
    මහජන සෞඛ්‍ය සංකීර්ණය,
    555/5, ඇල්විටිගල මාවත
    , නාරාහේන්පිට,කොළඹ 5, ශ්‍රී ලංකා.
  • (0094) 1 2368416, 2368417

ඩෙංගු රෝගය

ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි.මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී  වෙනස්  වෛරසයන් ක්‍රියා කරයි .

වැඩි විස්තර මෙතැනින්