Health Ministry-Sri Lanka

හදිසි අවස්ථා සඳහා සූදානම

 වසංගත තත්වයන් පාලනය කිරීමේදී වඩාත් වැදගත් කාර්යයන් වන්නේ ක්ෂණිකව අසාදිත මදුරුවන් පාලනය කිරීම හා රෝගීන්ට නිසි උවැටන් ලබා දීමට පියවර ගැනීමයි

වසංගත තත්වයන් වලදී පහත සඳහන් පරිදි ක්‍රියා කල යුතුය

  • රෝග ප්‍රතිකාර අංශවලට ඩෙංගු රෝගීන් බවට සැක සහිත රෝගීන් වැඩි වශයෙන් පැමිණෙන බව හඳුනා ගැනීම
  • දිස්ත්‍රික්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ සහ කුඩා ප්‍රදේශ මට්ටමෙන් රෝගී හා වාහක දත්ත විශ්ලේෂණය කිරීම
  • දත්ත ආශ්‍රයෙන් වසංගත තත්වයන් අනුමාන කිරීම
  • කීට විද්‍යා දත්ත නිසි පරිදි විශ්ලේෂණය කොට වාහක ඝනත්වය වැඩිවන අවස්ථා හඳුනාගෙන රෝගීන් වාර්තා වන තුරු නොසිට අවශ්‍ය වාහක මර්දන කටයුතු ක්‍රියාවට නැංවීම
  • කීට විද්‍යා දත්ත හා රෝගී දත්ත අනුව අවදානම් ප්‍රදේශ අනුමාන කිරීම හා කලින් හඳුනා ගැනීම
  • වාහක මර්දනය සඳහා සැලසුම් සුදානම් කිරීම, ඉලක්ක තෝරා ගැනීම, ක්‍රියා කාරකම් සැලසුම් කිරීම හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සකසා ගැනීම
  • ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම හා ප්‍රගතිය සමාලෝචනය කිරීම

 

අප සමග සම්බන්ධ වීමට

  • ජාතික ඩෙංගු මර්දන ඒකකය,
    මහජන සෞඛ්‍ය සංකීර්ණය,
    555/5, ඇල්විටිගල මාවත
    , නාරාහේන්පිට,කොළඹ 5, ශ්‍රී ලංකා.
  • (0094) 1 2368416, 2368417